සසර පුරා නුඹේ වෙන්නට පෙරුමන් පුරලා
ලොවට හොරා බැඳි සෙනෙහස අද සැබෑවෙලා
නුඹව මගේම කරගන්නට ඇඟිලි ගැන මෙමා
රැජිණ වෙලා නුඹ මගෙ අද දෑඟිලි පටලා..
සසර පුරා නුඹේ වෙන්නට පෙරුමන් පුරලා
ලොවට හොරා බැඳි සෙනෙහස අද සැබෑවෙලා
නුඹව මගේම කරගන්නට ඇඟිලි ගැන මෙමා
රැජිණ වෙලා නුඹ මගෙ අද දෑඟිලි පටලා..
මනමාලිය ලෙස ඔබ අද රුවට සැරසිලා
පියනගනා විට පියතුම අතෙහි එල්ලිලා
වෙනදා මෙන් නොව මගෙ හද ගැස්ම වැඩිවෙලා
මට නොදැනිම මගෙ දෑසම කඳුළු තෙත් කලා..
නික්ම යන්න අලුත් ලොවක දිවිය අරඹලා
මොහොතට පෙර නුඹ ආදර මවට ලංවෙලා
කෙලෙසක නුඹ රැගෙන යම්ද සිතත් නැවතිලා
හිදිමි මුවග සිනහවකින් කඳුළු සඟවලා...